ශාරීරික සෞඛ්‍යය කියන්නේ මොකක්ද ?

https://gotagogama.digital/
Edited in Prisma app with Bamboo

ශාරීරික සෞඛ්‍යය යන්නෙන් අදහස් වන්නේ ඔයාගේ භෞතික ශරීරයේ තත්ත්වය හා එය කෙතරම් හොඳින් ක්‍රියාත්මක වෙනවාද යන්න බැලීමයි.

ඒ සඳහා ශරීරයේ ක්‍රියාකාරී මට්ටම,ප්‍රමාණවත් පෝෂණය, විවේකය,වාසය කරන පරිසරය ආදිය බලපානවා.

ශාරීරික සෞඛ්‍යය මගින් ඔයාට නිසි ලෙස ශරීරය රැක බලා ගැනිම හා ශරීරය සෞඛ්‍යසම්පන්නව ,ක්‍රියාකාරිව තබා ගැනිම සඳහා අනුග්‍රහය දක්වනවා. ශරීරය නිරෝගීව තබා ගැනිම හා පෝෂණය කිරීම ඔයාගේ පුද්ගලික වගකීමක් වෙනවා. ඔයා ඔයාගේ ශාරීරික සෞඛ්‍යය ගැන සොයාබලන විට, ඔයාගේ ශරීරයේ නීරෝගීභාවය මෙන්ම ඔයාගේ ශරීරයේ නිරෝගිමත් නොවන අංග දැන ගැනීමට හැකියාවක් තියනවා.

ශාරීරික සෞඛ්‍යය බොහෝ කොටස් වලින් සමන්විත වෙනවා. ප්‍රධාන කොටස් ගැන කෙටි පැහැදිලි කිරිමක් පහත දැක්වේ:

ශාරීරික ක්‍රියාකාරකම් – ශක්තිය, නම්‍යශීලීභාවය හා විඳදරාගැනීමේ හැකියාව මෙයට ඇතුළත් වෙනවා.

පෝෂණය සහ ආහාර – පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම, දියර පරිභෝජනය හා සෞඛ්‍ය සම්පන්නව ආහාර දිරවීම ඇතුලත් වෙනවා.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය – මෙම ද්‍රව්‍ය පරිභෝජනයෙන් වැළකීම හෝ අඩු කිරීම ඇතුළත් වෙනවා.

වෛද්‍ය ස්වයං රැකවරණය – සුළු රෝග හෝ තුවාල වලට පිළියම් යෙදීම හා අවශ්‍ය පරිදි හදිසි ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළත් වෙනවා.

විවේකය සහ නින්ද – හොඳ නින්දක් හා වරින් වර විවේකය ගැනිම ඇතුළත් වෙනවා.