මුදල් ඉතිරි කරන එක වැදගත් ඇයි ? Part 2

Retire වෙන්න උදව් කරනව:

https://gotagogama.digital/
Edited in Prisma app with Spatter

ඉතිරිකිරීමේ දිගුකාලීන වාසි තියෙනව. ඒවගෙන් එකක් තමයි විශ්‍රාම යන්න උදව් වෙන එක. Pension එකක යැපෙන ගොඩක් විශ්‍රාමිකයින්ට සාමාන්‍යයෙන් ඒ අයගේ ඔක්කොම අවශ්‍යතා සපුරාගන්න අමාරුයි. අවුරුදු කිහිපයක් කෙනෙක්ගේ ආදායමෙන් පොඩි කොටසක් ඉතිරි කරන පුරුද්දක් ඇති කර ගන්න එකෙන් විශ්‍රාම අරමුදල් සැලකිය යුතු ප්‍රමාණයකට එකතු වෙන්න පුළුවන්. මේක විශ්‍රාම ගන්න වඩාත් සුවපහසු වෙනවා.

ගොඩක් වෙලාවට ගොඩක් අයට විශ්‍රාම ගන්න මුදල් ඉතිරි කරන එක අමාරුයි. මේකට හේතුව ඔයා අනාගතයේ මුදල් වියදම් කිරීමට ජීවත්ව ඉන්නවාද නැද්ද කියන එක වගේ අවිනිශ්චිතතාවයන්. මොනවා උනත්, මුදල් ඉතිරි කිරීම ගැන සලකා බලන එක වඩාත් සුදුසු වෙන්නේ ඒක වියදම් කරන්න ඔයා එතන නැත්නම් නම් ඔයාගෙ ප්‍රතිලාභීන්ට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

අද ඉඳන් පටන් අරන් මුදල් ඵලදායී විදිහට ඉතුරු කර ගන්න පුළුවන් හොඳම ක්‍රම මොනවාද කියලා හඳුන ගන්න. උදාහරණයක් විදිහට, ඔයා තවදුරටත් පාවිච්චි කරන්නේ නැති දේවල් කිහිපයක් විකුණන්න පටන්ගන්න පුළුවන්. මේ දවස් වල තියෙන ඉහළම මිල ගණන් වලට ඔයාගෙ අනවශ්‍ය බඩු විකුණන්න, එතකොට ඔයාට ඒ මුදල් ඉතිරි කරගන්න පුළුවන්. ඉතිරිකිරීමේ ඉලක්කයක් තියලා ඔයාගෙ ඉතුරුම් ඉලක්කය සපුරා ගන්න ඔයාට ඉතුරු කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය තීරණය කරන්න.

ඔයාගෙ ඉතුරුම් අනුපාතය කාලෙන් කාලෙට වැඩි කරන එක ගැන සලකා බලන්න. පටන්ගනිද්දී ඔයාට ඒක කරන්න අමාරු වෙන්න පුළුවන් ඒක අවුලක් නෑ. ඒත් කාලය ගෙවිල යනකොට, ප්‍රතිශත අනුපාතය කොච්චර පොඩි උනත් ඒක වැඩි කරන්න තරම් නම්‍යශීලී වෙන්න.

වැඩිදුර අධ්‍යාපනයට මුදල් උදව් වෙනවා:

https://gotagogama.digital/
Edited in Prisma app with Spatter

වැඩිදුර අධ්‍යාපන ගාස්තු කියන්නේ ප්‍රධාන වියදමක්. සමුච්චිත ඉතිරිකිරීම් වලින් වෙනත් තැනකින් අරමුදල් ලබා ගන්නේ නැතුව කෙනෙක්ට එයාගේ අධ්‍යාපනය තවදුරටත් කරගෙන යන්න පුළුවන් වෙනවා. මේක ඔහුගේ හෝ ඇයගේ රැකියා ජීවිතය වේගයෙන් දියුණු කරන්න උදව් වෙනවා. පුද්ගලික ණයක් හෝ අධ්‍යාපන ණයකට අයදුම් කරන්න සුදුසුකම් නොලබන අයට මේක විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා.

ගෙයක් ගන්න downpayment ගෙවන්න උදව් වෙනවා :

https://gotagogama.digital/
Edited in Prisma app with Spatter

ආඩම්බර නිවාස හිමියෙක් වෙන්න ඉතිරිකිරීම පළමු පියවර වෙන්න පුළුවන්. ණය අනුමත කරන්න ඉස්සෙල්ලා ණය අයදුම්කරුවො මොකක්හරි ප්‍රතිශතයක downpayment එකක් කරන්න කියලා සාමාන්‍යයෙන් ඔක්කොම බැංකු ඉල්ලනව. ඒ තැන්පත් කරන්න ඕනෙ ගාන ණයට ගන්න බෑ. ඒ හින්දා අයදුම්කරුට ඒක ඉතුරුම් වලින් හෝ පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ලබා ගන්න වෙනවා. පවුලේ අයට සහ මිතුරන්ට ඒ ඕනෙ කරන අරමුදල් නැත්නම් ඉතිරිකිරීම් වඩා හොඳ විකල්පයක් වෙනවා.

Wedding එකකට මුදල් යොදවන්න උදව් වෙනවා:

https://gotagogama.digital/
Edited in Prisma app with Spatter

Weddings කියන්නෙත් ප්‍රධාන වියදමක්. ගොඩක් couples මූල්‍යමය බාධාවන් නිසා ඒ අයගේ උත්සවය කල් දානවා. සමුච්චිත ඉතිරිකිරීම් තියෙන එකෙන් couple එකට ඒ අයගේ දවස විශ්වාසයෙන් සැලසුම් කරන්න පුළුවන් වෙනව. Wedding එකකට මුදල් යොදවන්න ඉතුරුම් පාවිච්චි කරන එක wedding ණයක් ගන්නවට වඩා හොඳ විකල්පයක්, මොකද couple එකක් ඒ අයගේ විවාහ ජීවිතය ණයෙන් නැතුව පටන්ගන්න ඕනෙ හින්දයි.

Car එකකට downpayment එකක් කරන්න උදව් වෙනවා:

https://gotagogama.digital/
Edited in Prisma app with Spatter

Car එකට ඕනෙ ගාන අනුව, කෙනෙකක්ට car එක සම්පූර්ණයෙන් මිලදී ගන්න හරි car ණයකට මූලික තැන්පතුව ගෙවන්න ඉතිරිකිරීම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතිරිකිරීම් වලින් සම්පූර්ණයෙන් මුදල් යොදවන්න පුළුවන් ලාභදායී car එකකට budget එකක් හදාගන්න එක ගොඩක් හොදයි වගේම car loan ගන්න එපා. ඒකෙන් ගැණුම්කරුට පොළියට වියදම් කරපු මුදල් ඉතුරු කර ගන්න පුළුවන්.

උඩ තියෙන කරුණු වලින් පැහැදිලි වෙන්නේ ඉතිරිකිරීමේ විනය ක්‍රියාත්මක කරන අයට මූල්‍ය අර්බුදයකට අවතීර්ණ වෙන්න සම්භාවිතාව ගොඩක් අඩුයි කියන එකයි. ඒක අනුගමනය කරන එක වටින පුරුද්දක්.