ආයෝජනය වැදගත් වන්නේ ඇයි ? Part 4

ආයෝජනය මගින් පවුල් අනාගත සුරකිමු

https://gotagogama.digital/
Edited in Prisma app with Mononoke

ඔයා අද ඉදන්ම මුදල් ඉතුරු කරන්න පටන් ගන්න ඕනි. ඔයාට මුදල් හදිස්සියක් එන්නෙ කොයි වෙලාවෙද කියල කියන්න බෑ. හදිසි අවස්ථාවකදි සල්ලි නැතුව අපි කොච්චර අසරණ වෙලා තියෙනවද. ඉතින් ඉතිරි කරන මුදල් ආයෝජනය කරන්නත් පුරුදු වෙන්න.මොකද කිවුවොත් රැකියාවකට පුළුවන් ඔයාව ජීවත් කරවන්න විතරයි. ඔයාගෙ අනික් අවශ්‍යතා ඉටුකරගන්න නම් ඔයාට සිදු වෙනවා වෙළෙඳපොළ ආයෝජනය කරන්න.

ආයෝජනය කරන එක අවදානම්ද?

https://gotagogama.digital/
Edited in Prisma app with Mononoke

ප්‍රශ්නයට උත්තරය තමයි “ඔව්” කියන එක. ලෝකෙ ධනවත් පුද්ගලයන් ගොඩක් බිහිවෙලා තියෙන්නෙ අවදානමක් අරන් ඉදිරියට ගියපු නිසා. අවදානම වැඩි වෙන තරමට හම්බවෙන ප්‍රතිලාභයත් වැඩියි. නමුත් මතක තියාගන්න මෙහෙම ලොකු ගානක් ගෙවන්නෙ ඔයා අවදානමක් අරන් වෙළෙඳපොළ ආයෝජනය කරන මුදල් නිසා වෙළෙඳපොළ වෙනස්වීම් නිසා කියල. උදාහරණයක් විදිහට හිතන්නකො ඔයා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරපු ආයතනයක කොටස් මිල ඉහල ගියා කියල එතකොට ඔයාට ලාභයක් ලැබිල. හදිස්සියේවත් ඔයා ආයෝජනය කරපු ආයතනය පාඩු ලැබුවොත් ඔයා ආයෝජනය කරපු ප්‍රාග්ධනය වුනත් නැති වෙන්න පුළුවන්.

මේ වගේ අවස්ථාවකදි කලබල වෙන එක හොද නැහැ. ඔයා කලබල වෙලා ආයෝජනය කරපු මුදල් වෙළෙඳපොළෙන් ඉවත් කරගත්තොත් ඔයාට සමහර විට ඉදිරියේදී ලැබෙන්නෙ තියෙන ලොකු ලාභයක් නැති වෙන්න පුළුවන්. ඔයාට කරන්න පුළුවන් හොදම දේ තමයි නැවත වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වෙනකන් පොඩි කාලයක් ඉවසන්න. නැවතත් කොටස් මිල ඉහල යනකොට තවත් කොටස් ප්‍රමාණයක් මිලදී ගන්න.

System එකක් මගින් Automatic විදිහට ආයෝජනය කරමු

https://gotagogama.digital/
Edited in Prisma app with Mononoke

දැන් ඔයාට ඔයාගෙ ආයෝජනය කරන එක system එකක් පාවිච්චි කරල automatic වෙන විදිහට උනත් කරන්න පුළුවන්. ගොඩක් ආයතන වලින් වාර්ශිකව හෝ මාසික වශයෙන් ගෙවෙන විදිහට හදාගන්න පුළුවන් පහසුකම ඔයාට ලබා දෙනව. ඔයාට අවම රුපියල් 500ක් උනත් මාසිකව කැපෙන විදිහට ආයෝජනය කරන එක ආරම්භ කරන්න පුළුවන්. මේ ක්‍රමයට ඔයාට ඔයාගෙ මුදල් හරි විදිහට ඉතුරු කරන්න පුළුවන්.

සාරාංශය

https://gotagogama.digital/
Edited in Prisma app with Mononoke

මුදල් හරි විදිහට ඉතුරු කරන්න පුළුවන් වෙන්නෙ ආයෝජනය කලොත් විතරයි. මුදල් ආයෝජනය කරන්න කොටස් වෙළෙඳපොළ , රක්ෂණාවරණ හෝ අන්‍යොන්‍ය අරමුදල්(mutual funds) භාවිත කරන්න පුළුවන්. කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීම නිවැරදි අරමුණක් වෙතට ඔබව යොමු කරයි. එයින් බැංකුව මගින් ලබාදෙන පොළියට වඩා ලොකු මුදලක් ලබාදෙයි. නමුත් වෙළෙඳපොළ ආයෝජනය තරමක් අවදානම් සහිත වැඩක් උනත් සේප්පුවක දාල නිකන් තියෙන එකට වඩා ඒකෙන් හොද ප්‍රතිලාභයක් ලැබෙනව. තව දුරටත් කිවුවොත් ආයෝජනය කරන එකෙන් ඔයාට වගේම රජයටත් ප්‍රතිලාභ ලැබෙනව.