ආයෝජනය වැදගත් වන්නේ ඇයි ? Part 3

මුදල් හරි විදිහට ආයෝජනය කරමු

https://gotagogama.digital/
Edited in Prisma app with Hunter

අපි උපයන හැම රුපියලටම ගොඩක් වටිනාකමක් තියෙනව.මොකද කිවුවොත් ඒ හැම රුපියලක්ම හොයන්න අපි ගොඩක් මහන්සි වෙන හින්දා. ඉතින් මේ මහන්සියෙන් උපයපු සල්ලි සේප්පුවක දාල අඩු වටිනාකමක් ලැබෙනවට ඔයා කැමතිද ? ඔයාගෙ උත්තරය අනිවාර්යයෙන් “නෑ” කියන එකයි. ඉතින් අද කියල දෙන්න යන්නෙ “සල්ලි වලින් කොහොමද තවත් සල්ලි මවන්නෙ කියල”. උත්තරය සමහරවිට ඔයා දැන්ටමත් දන්නව ඇති “අනාගත ආයෝජනය “කියල. ඉතින් තියෙන ගැටළුව තමයි “හරියටම කොහෙටද ආයෝජනය කරන්න ඕනි” කියන එක. මේකට දෙන උත්තරය ඔයාගෙ අනාගත අවශ්‍යතා එක්ක වෙනස් වෙන්න පුළුවන්. එක්කො ඔයාට පුළුවන් මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න.එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මුදල් රක්ෂණාවරණයකට (insurance) එකකට ආයෝජනය කරන්න. මේ ගැන තව දුරටත් දැනගන්න නම් ඔයාට ආයෝජන උපදේශකයක් (investments advisor) හම්බ වෙන්න වෙනවා.

අනාගත අවශ්‍යතා සපුරාලීමට ආයෝජනය කරමු:

https://gotagogama.digital/
Edited in Prisma app with Hunter

අපි හැමෝටම ජීවිතේ තියෙනව විවිධ ඉලක්ක. උදාහරණයක් විදිහට හොද ජීවිතයක් ගත කිරීම , දරුවන්ට හොද අධ්‍යයනයක් ලබා දීම , විශ්‍රාමයෙන් පසු නිදහසේ ජීවන් වීම වගේ ඒවා. මේ අවශ්‍යතා හරි විදිහට අදුරගත්තොත් ඔයාට හරි තැනකට මුදල් ආයෝජනය කරන එක අමාරු වැඩක් නෙමෙයි. ඉතින් සල්ලි සේප්පුවක හෝ අඩු පොළියකට බැංකුවේ දැම්මොත් ඔයාගෙ මේ අවශ්‍යතා කරගන්න ඔයාට බැරි වෙනවා.

ඉතින් මේ මුදල් හරි විදිහට ආයෝජනය කරන්න නම් ඔයාට වෙළෙඳපොළ අධ්‍යයනයක් කරන්න වෙනවා. මේකට උපදෙස් ගන්නවනම් ඔයාට සිද්ධ වෙනවා ආයෝජන උපදේශකයක් (investments advisor) හම්බ වෙන්න. ඉතින් මේ උපදෙස් දිහා බැලුවම ඔයාට පේනව ඇති ඔහු/ඇය වෙළෙඳපොළ දිහා බලන විදිහ.

ආයෝජනය කර වත්කම වැඩි කරගමු.

https://gotagogama.digital/
Edited in Prisma app with Hunter

ආයෝජනය කියන්නෙත් ඔයා කරන එක්තරා විදිහක හරි ඉතුරුවක්. නමුත් අමතක කරන්න එපා වෙළෙඳපොළ ආයෝජනය කියන්නෙ අවදානම් වැඩක් කියල. මොකද කිවුවොත් වෙළෙඳපොළ ස්ථාවර නැති නිසා. කොයි වෙලේ වෙළෙඳපොළ කඩා වැටෙන්න පුළුවන්ද කියල අපිට කියන්න බෑ.

ඉතින් ඔයා මෙහෙම අවදානමක් අරන් ආයෝජනය කරන මුදල නැවත වෙළෙඳපොළ අවදානමක් අරන් තවත් වෙළෙඳපොවල් වල ආයෝජනය කරනව. ඉතින් අවදානමක් නොගෙන ජීවිතේ දියුනු වෙන්න අමාරුයි කියල අපි හැමෝම දන්නව. ඔයා මේ අවදානමක් අරන් කරන ආයෝජනය දවසක ඔයාව ලේසියෙන්ම ඔයාගෙ අවශ්‍යතා වෙතට ගෙනියයි.