ඔයා ආයෝජනය කල යුත්තේ ඇයි?
අපි හැමෝටම ඕනි ජීවිතේ ලස්සන විදිහට ගෙවන්න.විවාහයක් කරගෙන ඔයාගෙ සහකරු/සහකාරියත් එක්ක හොද පවුල් ජීවිතයක් ගෙවන්න. ඉතින් මේ ගමන ලස්සන වෙන්න නම් ඔයාට සල්ලි ඉතුරු කරන්න සහ ආයෝජනය කරන්න සිදු වෙනව.
ආර්ථික උදධමනයට මුහුණ දීමට

ඔයා දන්නවද හම්බ කරල තියෙන මුදල් අල්මාරියේ හෝ ඔයාගෙ ඇද යට තියල තියෙන එකෙන් ඔයාගෙ සල්ලි විනාශ වෙන්න පුළුවන් අවදානම වැඩි වෙන බව? මොකද කිවුවොත් ඒ මුදල් ගින්නකින් හෝ සොර සතුරන් නිසා ඉක්මනටම ඔයාට නැති වෙන්න පුළුවන්. තවත් දුරට කිවුවොත් මුදල් ඉතුරුම් ගිනුමක දාල තියෙන එකෙන් ඔයාගෙ මුදල් වලට ආරක්ෂාව ලැබෙනව තමයි නමුත් ඔයාගෙ මුදල් වල වටිනාකමේ හැටියට පොළියක් ලැබෙන්නේ නෑ.
නිසි වටිනාකමක් ලැබෙන්න නම් ඔයාගෙ මුදල් ඔයාගෙ මුදල් ආයෝජනය කරන්න වෙනවා

ගොඩක් මිනිසුන් ආයෝජනය නොකර බැංකුවේ සල්ලි දාන එකෙන් වෙන්නෙ වෙළෙඳපොළ උද්ධමනයක් ඇති වෙන එක. උද්ධමනයක් කිවුවෙ ” භාණ්ඩ හිගවුනාම ඒ භාණ්ඩවල වටිනාකම වැඩි වෙන එක ” ඉතින් මුදල් ආයෝජනය කලාම ඔයාගෙ මුදල් වෙලදපොලේ පවතින නිසා ඔයාගෙ මුදල් වලට හොද වටිනාකමක් ලැබෙනව.
විශ්‍රාම තැන්පතුවක් ලෙස

අද දවසේ ඔයා මුදල් උපයනව වෙන්න පුළුවන්.නමුත් කල්පනා කරල බලන්න තව අවුරුදු කිහිපයක් ගියාම ඔයාට රැකියාවෙන් විශ්‍රාම යන්න වෙනවා. විශ්‍රාම ගියාම අපිට මුදල් උපයන්න වෙන්නේ නෑ. දැන් ගොඩක් ආයතන වල කලින් වගේ විශ්‍රාම මුදල ලබා දෙන්නේ නෑ.
ඉතින් විශ්‍රාම ගියාට පස්සේ අපේ අවශ්‍යතා වලට මුදල් නැති වෙනවා. ඉතින් මෙහෙම මුදල් නැතුව අසරණ වෙන එක වළක්ව ගන්න නම් ඔයාට කරන්න තියෙන්නෙ විශ්‍රාම සැලසුමකට ඔයාගේ මුදල් දැන්ම ඉදන් ආයෝජනය කරන එක.