පාරිසරික සෞඛ්‍යය කියන්නේ මොකක්ද ?

https://gotagogama.digital/
Edited in Prisma app with Bamboo

පාරිසරික සෞඛ්‍යය යන්නෙන් අදහස් වන්නේ පරිසරය මිනිස් සෞඛ්‍යයට හා රෝගවලට බලපාන ආකාරය අධ්‍යයනය කරන විද්‍යා ක්ෂේත්‍රයක්ය. ඒ අනූව “පරිසරය” යන්නෙන් අදහස් කරන්නේ වාතය, ජලය හා පස වැනි ස්වාභාවික පරිසරයේ ඇති දේවල් හා අපගේ වටපිටාවේ ඇති භෞතික, රසායනික, ජීව විද්‍යාත්මක හා සමාජීය ලක්ෂණයන්ටයි.

ජාතික පාරිසරික සෞඛ්‍ය විද්‍යා ආයතනයට අනුව, සමාජ පරිසරය තුළ ආහාර හා ව්‍යායාම, සමාජ ආර්ථික තත්ත්වය හා සෞඛ්‍යයට බලපාන වෙනත් සමාජ බලපෑම් වැනි ජීවන රටා සාධක ඇතුළත් වෙනවා.

පරිසරයේ සිදු වන වෙනස් වීම් අපගේ සෞඛ්‍යයට බලපාන අයුරු ගැන අපි අවදානයෙන් සිටින්නට ඕනි. ඒවාගේම අපට පිළිකා, හෘද වාහිනී රෝග, මැලේරියාව ,පරිවෘත්තීය සින්ඩ්‍රෝමය, ටීවී, ඒඩ්ස් යනාදිය වැනි සංකීර්ණ රෝග ඇති කළ හැක්කේ කෙසේද හා මෙම රෝග වැළඳීමට බලපාන පරිසරය පිළිබඳව අප දැනුවත් විය යුතුය.