අවුරුදු ගානක් තිස්සේ ‘සන්තෝෂය’ නිර්වචනය කරන්න, මනින්න විද්‍යාඥයින් කටයුතු කරනවා. පුද්ගලයින්ගේ සතුටට බලපාන දේවල් ගොඩක් ගැන ඒගොල්ලො හොයාගෙන තියෙනවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි සතුට කියන්නෙ ධනය නෙමෙයි කියන එක.
450,000 කට වැඩි පිරිසක් යොදාගෙන කරපු එක විශාල අධ්‍යයනයකින් හෙළි වුනේ ඒ පර්යේෂණයට යොදා ගත්ත අයගේ වාර්ෂික ආදායමත් එක්ක සතුට වැඩි වුනත් ඒ එයාලගෙ මූලික අවශ්‍යතා සපුරා ගන්නකන් විතරයි. එතනින් පස්සෙ වැඩි ආදායමක් ලැබුනත් සතුට වැඩි වෙන්නෙ නෑ.
එහෙනම් සතුටින් ඉන්නෙ කොහොමද? ඒ ගැන දැනගන්න ඕනි නම් මේ ලිපිය කියවලා බලලා මේ tips try කරලා බලන්න ?
අන් අයට වඩාත් හොඳ වන්න

පර්යේෂකයන් මේක හඳුන්වන්නේ “ආදරණීය කරුණාව පිළිපදින්න” කියලයි. ඒ කියන්නෙ එදිනෙදා ජීවතේ ඔයත් එක්ක කටයුතු කරන පුද්ගලයින්ට කරුණාවන්ත වෙන එක.
? කරදරයක ඉන්න කෙනෙකුට උදව් කරන්න.
? අසනීප වෙලා ඉන්න අසල්වැසියා වෙනුවෙන් උදව්වක් කරන්න.
? සම මට්ටමේ සේවකයෙකුට ප්‍රශංසාවක් ලබා දෙන්න.
ඔයා අනිත් අයට අවංකව කරුණාව පෙන්වන කොට, ඒකෙන් අපේ මොළයේ කොටසක් සක්‍රිය වෙලා සතුටක් දැනෙන්න ගන්නවා. මේක පුරුද්දක් කර ගත්තම අනිත් අයත් ඒ වගේම කරුණාව පුරුදු වෙනවා. එතකොට ඔයාට අනිත් අයටත් සතුට බෙදලා දෙන්න පුලුවන්. ?
භාවනා කිරීම ආරම්භ කරන්න

භාවනාව ආදරණීය සිතුවිලි වර්ධනය කරනවා. සතියකට පැයක් භාවනා කරන අයට වැඩි මානසික තෘප්තියක් වගේම ප්‍රීතියක් දැනෙනවා කියලා වාර්තා වෙනවා.
ඒ හා සමානවම, සිහිකල්පනාවෙන් භාවනා කිරීම – වර්තමාන මොහොත ගැන දැනුවත්භාවය වැඩි කරන්න හා ඔබ ගැන වැඩි පිළිගැනීමක් ලබා ගැනීමට උදව් කරන, හැඟීම් නියාමනය කරන මොළයේ කොටස විශාල කරනවා. ජීවිතයේ වලක්වන්න බැරි බාධක වලට මුහුණ දෙනකොට පවා ධනාත්මකව සතුටින් ඉන්න භාවනාව උදව් වෙනවා.
ව්‍යායාම කරන්න

ව්‍යායාම සමස්ත සෞඛ්‍යයට ම දායක වෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේම පර්යේෂකයන් හොයාගෙන තියෙනවා ඒකෙන් අපිට සතුටකුත් ලැබෙනවා කියලා. එක අධ්‍යයනයක දී, හැමදාම ව්‍යායාම කරන්න පටන් ගත්ත වැඩිහිටියන් වාර්තා කළේ, සති අටකට පස්සේ ඒගොල්ලන්ට සැලකිය යුතු මට්ටමේ සතුටක් ලැබුනා කියලයි.
තවත් අධ්‍යයනයකින් හෙළි වුනේ ආබාධිත පුද්ගලයින් ඒගොල්ලන්ගෙ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කලාම සතුටද වැඩි වුනා කියලා. වඩාත්ම සුදුසු ව්‍යායාම මොනාද කියලා දැනගන්න වැඩි අධ්‍යයනයක් ඕනි වෙනවා. ඒ නිසා ඇවිදීම, ධාවනය, පිහිනීම හෝ අපේ මනෝභාවය වැඩි දියුණු කරන්න පුලුවන් ඕනිම දේකින් අපිට මේක පටන් ගන්න පුලුවන්.
වඩාත් ධනාත්මක මානසිකත්වයක් වර්ධනය කර ගන්න

පර්යේෂකයන් විසින් ගොඩක් ආතතියෙන් පෙළෙන සෞඛ්‍ය සේවකයින් එක්ක වැඩ කරලා සති 12 කට පස්සේ ඒ සේවකයින් ඒගොල්ලන්ගෙ ජීවිත ගැන තෘප්තිමත් වෙනවා කියලා වාර්තා කරලා තියෙනවා.
කෘතඥතාව හා සමාව දීම කියන කාර්‍යයන් ඒකෙ ඇතුළත් වුනා. උදාහරණයක් විදියට, ඔයාට මේකට පොඩි note book එකක් තියා ගන්න පුලුවන්, ඔයා ස්තුතිවන්ත වෙන විශේෂ කරුණු ඒ note book එකේ සටහන් කර ගන්න. කවුරුහරි ඔයත් එක්ක නොසැලකිලිමත් විදියට හැසිරෙන කොට එයාලව රිදවන්න හරි කේන්ති ගන්න ඉක්මන් වෙන්නැතුව සමාව දෙන්න. ඔයා මේ ගතිලක්ෂණ පුරුදු කරනකොට ඔයාගෙ සතුටේ මට්ටමද වැඩි වෙනවා කියලා ඔයාටම පේන්න පටන් ගනියි.?
එහෙනම්…..ඔයාගෙ සතුට වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න සූදානම්ද? ඒ විතරක් නෙමෙයි අපිට මේකෙන් තවත් ප්‍රතිඵලයක් ගන්න පුලුවන්. ඒ තමයි මිනිස්සු කරුණාව හා වෙන යහපත් ක්‍රියාවලට වැඩි අවධානයක් යොමු කරාම සතුටින් ඉන්නවා වගේම රෝගවලට එරෙහිව සටන් කිරීමේ ප්‍රබල හැකියාවක් ද තියෙනවා කියන එක. එහෙනම් ඔයාලත් මේ tips try කරලා සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න
Good luck !