ආපසු ගෙවීමේ කාලය

ඔයා ලබා ගත්ත ණය ගෙවන්න තියෙන කාලය ආපසු ගෙවීමේ කාලය ලෙස සැලකෙනවා. ආපසු ගෙවීමේ කාලසීමාව හා ඔයාගේ මාසික වාරික ගණන අතර සම්බන්ධයක් තියනවා. ඔයා ඔයාගේ වාරිකය දිගු කාලයකට තෝරා ගැනීමෙන් ඔයාට ගෙවන්න තියෙන වාරික මුදල කුඩා ප්‍රමාණයක් වෙනවා , නමුත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාට ගෙවන්න තියන මුළු ප්‍රමාණය ඔයා ගත්තු ණයට වඩා දෙගුණයක් තුන්ගුණයක් වෙන්නට පුලුවන් , මොකද ඒවාට අය කරන පෝලී අනුපාතය වැඩි. ඔයාට ස්ථාවර මාසික ආදායමක් තියනවනම් මාසික වාරිකය ඉහළ අගයක් තෝරාගෙන කෙටි ආපසු ගෙවීමේ කාලයක් තොරාගන්න. එමගින් ඔයාට ගෙවීමට තියෙන පොලී අනුපාතය හිතකර අගයක් වෙනවා . ඒ වගේම ගත්තු ණය නියමිත පරදි ගෙවුවාම බැංකු මගින් ආකර්ෂණීය පෝලී අනුපාත ලබා දෙනවා.
CRIB ලකුණු පවත්වා ගන්න
ඕනෑම ණයක් අයදුම් කිරීමට ණය ලකුණු අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක්. ක්‍රෙඩිට් කාඩ් ගෙවීමක් වුවද ණය ආපසු ගෙවීමක් වුවද මේ CRIB ලකුණු ඉතා වැදගත් වෙනවා. ඔයාගේ ණය ලකුණු හොදනම් ඔයාට ඉක්මනින් හා පහසුවෙන් ආකර්ෂණීය පෝලී අනුපාතයකින් නිවාස ණය ලබා ගන්න පුලුවන් .
අත්පත් කරගැනීමේ සම්මතයන් දැන ගන්න

වෙනස් වන නීති පිළිබඳව අවධානයෙන් සිටීම ඔයාට බොහෝ වේලාවට වාසිදායක වෙනවා. ලබා ගත් ණය අදාළ දිනට පෙර ගෙවීමෙන් ඔයාට අමතර මුදලක් වියදම් වෙන එක අඩු කරගන්න පුලුවන් වෙනවා . ඔයාගේ ණය මුදල ඉක්මනින් ගෙවන තරමට ඔයාගේ ණය ලකුණු වැඩි වෙනවා.
නිවාස ණය සුදුසුකම් පරීක්ෂා කිරීම

නිවාස ණයක් සඳහා අයදුම් කරන්න කලින් ඔයාගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය වෙනවා .ඔයාගේ ණය ඉතිහාසයට අදාළ ලියකියවිලි මෙහිදී ගොඩාක් වැදගත් වෙනවා .බොහොමයක් බැංකු ඔවුන්ගේ වෙබ් අඩවි වල නිවාස ණයක් සඳහා සුදුසුකම් හා නිර්ණායක සපයනවා. ඒ අදාළ බැංකු මගින් මාර්ගගත ක්‍රමයට හරි ඔයාට ළඟම ඇති බැංකු ශාඛාවට ගිහින් ණයක් අයදුම් කරන්න පුලුවන් .
අමතර ගාස්තු

මාසික වාරිකයට අමතරව බැංකුව විසින් තම පරිපාලන හා සේවා ගාස්තුන් අය කරනවා. ඒ නිසා ඔයා ණයක් ලබා ගන්නට කලින් ඔයාගේ ණය ගැණුම්කරුවන්ගෙන් මේ පිළිබඳ විමසීමක් කරන්න . එම ගාස්තු එක් වරක් පමණක් ගෙවීමට තිබෙන ගාස්තු ද නැතිනම් මාසිකව ගෙවීමට තිබෙන ගාස්තු ද යන්න විමසීමක් කරන්න .
ලේඛන හොදින් කියවන්න

ණය අයදුම්පත් පිළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීමට බැංකුව විසින් ලබා දෙන ගිවිසුම හොදින් කියවා බලන්න.
ඔයාගේ තෘප්තිය සහ දිගුකාලීන අන්‍යෝන්‍ය විශ්වාසය වෙනුවෙන් ණය පත්‍රිකා අත්සන් කිරීමට පෙර අවශ්‍ය ලියකියවිලි කියවීම අවශ්‍යයි.
ඉහත සඳහන් කර ඇති සෑම කරුණක් ම මනසේ තබාගෙන, නිවාස ණයක් ලබා ගැනීම සුදුසුයි .