Happy එකේ ඉන්න ආස අය මේ දේවල් try කරන්න Part 2

ප්‍රශංසාවක් දෙන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Blossom

කාරුණික ක්‍රියාවන් අපිට වැඩි තෘප්තියක් ලැබෙනවා කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා.
තමන් අවංකව සුබ පැතුම් පිරිනැමීම තව කෙනෙක්ගේ දවස දීප්තිමත් කරන්න ඉක්මන්, පහසු ක්‍රමයක් වෙනවා වගේම ඒකෙන් අපිටත් සතුටක් ලැබෙනවා.
හැමවෙලේම අනිත් අයට හිනාවකින් සංග්‍රහ කරන්න. ඒක කොච්චර හොඳ හැඟීමක් ඇති කරනවද කියලා ඔයාම පුදුම වෙයි.

ගැඹුරින් හුස්ම ගන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Blossom

ඔයා නොසන්සුන් වෙලා ඉන්න වෙලාවක සන්සුන් වෙන්න හොඳ දිග ගැඹුරු හුස්මක් ගන්න. Harvard Health ට අනුව ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම මානසික ආතතිය අඩු කරන්න උදව් වෙනවා.

ඊළඟ වතාවේ ඔයාට ආතතිය දැනෙනකොට මේ පියවර හරහා වැඩ කරන්න:

ඇස් වහ ගන්න. ප්‍රීතිමත් මතකයක් හරි සුන්දර ස්ථානයක් හරි ගැන හිතන්න උත්සාහ කරන්න.
නාසය හරහා මන්දගාමී, ගැඹුරු හුස්මක් ගන්න.මුඛය හෝ නාසය හරහා හෙමින් හුස්ම ගන්න.
ඔයා සන්සුන් වෙන්න පටන් ගන්නකන් මේ ක්‍රියාවලිය දිගටම ආපහු ආපහු කරන්න.
හිතාමතා හුස්ම ගන්න අමාරුයි වගේ නම්, එක එක ආශ්වාස ප්‍රශ්වාසයෙන් 5ට ගනන් කරන්න උත්සාහ කරන්න.

අවාසනාවන්ත අවස්ථා පිළිගන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Blossom

ධනාත්මක ආකල්පයක් සාමාන්‍යයෙන් හොඳ දෙයක්, ඒත් හැම කෙනෙක්ටම අයහපත් දේවල් සිද්ධ වෙනවා. ඒක හැමෝටම පොදු ජීවිතයේ එක කොටසක්.
ඔයාට නරක ආරංචියක් ලැබුනොත් වැරැද්දක් වුනොත් ඔයා ඉන්නෙ සතුටින් කියලා පෙන්නන්න උත්සාහ කරන්න එපා.
ඒ අසතුටුදායක හැඟීම පිළිගන්න, ඔයාට ඒක මොහොතකට අත්විඳීන්න ඉඩ දෙන්න. ඊට පස්සෙ ඔයාට හැඟෙන දේ, ඒක ආපහු යථා තත්ත්වයට පත් කරන්න පුලුවන් දේ ගැන අවධානය යොමු කරන්න.උදාහරණ විදියට හුස්ම ගැනීමේ ව්‍යායාමයක් කරන එක , trip එකක් යන එක , කා එක්ක හරි මේ ගැන කතා කරන එක වෙන්න පුලුවන් . හැමතිස්සෙම ඔයා ගැන සැළකිලිමත් වෙන්න.

පොතක් තබා ගන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Blossom

ඔයාගෙ සිතුවිලි සංවිධානය කරන්න, හැඟීම් විශ්ලේෂණය කරන්න වගේම සහ සැලසුම් කරන්න හොඳ ක්‍රමයක් තමයි journaling කියන්නෙ. මේකට ඔයාට සාහිත්‍යමය බුද්ධිමතෙක් වෙන්න හරි දිග විචාර ලියන්න හරි ඕනි වෙන්නෙ නෑ.
ඔයා නින්දට යන්න කලින් ඔයාට හිතෙන සිතුවිලි කිහිපයක් සරලව කැමති විදියට ලියන්න. සමහර දේවල් ලිඛිතව තියන එකට අකමැතී වගේ නම්, ඒක ලියලා ඉවර වුනාට පස්සෙ ඉරලා දාන්න. වැදගත් වෙන්නෙ හිතට එන හැමදේම ලියන එක විතරයි. කැමති නම් මේක විනෝදාංශයක් විදියට කරගෙන යන්න පුලුවන්.

ආතතියට මුහුණ දෙන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Blossom

ජීවිතය කියන්නෙ ආතතියෙන් පිරිච්ච තැනක් වගේම ඒ හැමදේකින්ම අපිට වැලකෙන්න බෑ. මානසික ආතතිය හැමවෙලේම හානිකර වෙන්නෙ නෑ වගේම ආතතිය ගැන අපේ ආකල්ප පවා වෙනස් කරන්න පුලුවන් . ඔයාට වළක්වා ගන්න බැරි ආතතියක් ඇති උනොත් හැම කෙනෙක්ටම ආතතිය තියෙනවා කියලා මතක් කර ගන්න. ඒ හැමදේම ඔයාට විතරයි කියලා හිතන්න හේතුවක් නෑ. ඔයා හිතනවට වඩා ඔයා ගොඩක් ශක්තිමත්. තමන් අධෛර්යයට පත්වෙන්න ඉඩ දෙනවා වෙනුවට, ආතතියෙන් මිදෙන්න උත්සාහ කරන්න. මේකෙන් අදහස් කරන්නෙ ආතතියෙන් මිදෙන්න තවත් අමතර වැඩ කරන්න කියලයි.

එහෙනම් මේ tips ඔයත් try කරලා බලන්න. සතුටින් ඉන්න !