ඉවසීම වැඩි කරගන්න තිබ්බනම් නියමයි නේද ?

ඉවසීමෙන් බලාගෙන ඉන්න අයට ඇත්තටම හොඳ දේවල් ලැබෙනවද?

https://gotagogama.digital/
Edited in Prisma app with Jellyfish

ඔව්, ඉවසීම හා යහපැවැත්ම අතර සම්බන්ධයක් තියෙනවා. පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා ඉවසිලිවන්තව වැඩ කරන අය අඩු මානසික පීඩනයක් තියෙන ගොඩක් සංවේදි අය කියලා. ඔයාගෙ ඉවසීමේ මට්ටම ඔයාගේ මානසික සතුටට පවා සම්බන්ධ වෙන්න පුලුවන්.

ඉවසීම හොඳ ගුණාංගයක් කියල අපට කියලා දුන්න අපගේ දෙමාපියන් සහ ගුරුවරුන් නිවැරදියි. ඉවසීම කියන්නෙත් දක්ෂතාවයක්, ඒක ඉගෙන ගන්න වගේම පුහුණු වෙන්න පුලුවන්.

ඔන්න එහෙනම් ඔයත් හොඳ ඉවසිලිවන්ත පුද්ගලයෙක් වෙන්න සූදානම් ද? ප්‍රවීණයන් උපදෙස් දෙන්නේ ඔයා දැන් ඉන්න ස්ථානය හා ඔයා දැන් කරන්නේ මොකක්ද කියන එක ගැන සිහිය හොඳින් තියාගෙන මේක පටන් ගන්න කියලයි. හැම දේකදිම වගේ, සිහිය වැඩි දියුණු කරන්නත් පුලුවන් ක්‍රම තියෙනවා. ඔයා උත්සාහවන්තව කැප වෙනව නම්, ඔයාට හොඳ ප්‍රතිඵල ලැබෙයි. ?

අඩු ආතතිය, අඩු කෝපය සහ වැඩි ධනාත්මක දෘෂ්ටියක්

https://gotagogama.digital/
Edited in Prisma app with Jellyfish

මේ පිළිවෙත් තුනම සිහිය ගොඩනඟා ගන්නයි ඉවසීම වැඩි දියුණු කරන්නයි උදව් වෙනව.

වර්තමාන මොහොතේ සිදුවෙමින් පවතින දේවල්වල ඔයාගෙ පිළිගැනීම වැඩි කරන්න ප්‍රායෝගිකව මේ කුසලතා භාවිතා කරන්න පුලුවන්. රථවාහන තදබදය වගේ කේන්තිය වැඩි කරන දේවල්වලට මේ පුරුදු කරන කුසලතා යොදාගන්න පුලුවන්.

භාවනා කිරීම

https://gotagogama.digital/
Edited in Prisma app with Jellyfish

අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙනව භාවනා කරන පුද්ගලයින්ගේ ප්‍රතිචාර පාලනය නියාමනය කරන මොළයේ ප්‍රදේශවල ශක්ති පදාර්ථ විශාල ප්‍රමාණයක් තියෙනව කියලා. භාවනා කරන අයට හොඳ ධනාත්මක දෘෂ්ටියක්, චිත්තවේගීය ස්ථාවර බවක් වගේම හොඳ සිහියකින් කටයුතු කරන්නේ ඒ නිසා වෙන්න පුලුවන්.

සිල්ලර වෙළඳසැලේ දිග පෝලිම්වල ඉන්න එකේ ඉදන් වෙහෙසකර වැඩ රැස්වීම් වෙනකන් ජීවිතයේ එදිනෙදා කරදර එක්ක ආතතියක් නැතුව වැඩ කරන්න, ඉවසීම තියාගන්න භාවනාව උදව් වෙනව.?

මනසින් චලනය

https://gotagogama.digital/
Edited in Prisma app with Jellyfish

යෝගා, අයිකිදෝ, තායි චි සහ කිගොන්ග් කියන්නෙ ශරීරය හා මනස ශක්තිමත් කරන්න උදව් වෙන විදියට නිර්මාණය කරල තියෙන සිහිය චලනයක්. සිහියකින් චලනය වීමේ පුහුණුව මානසික ආතතිය, නිෂේධාත්මක චින්තනය හා මානසික අවපීඩනය අඩු කරන්න උදව් වෙනව.

මේ ව්‍යායාමවලින් හුස්මයි ශරීරයයි ගැන අවධානය යොමු කරන්න උගන්වනව. මේ ක්‍රියාවලිය ආපහු ආපහු කරන කොට ඉවසීම වැඩි දියුණු වෙනව.

ඉවසීම පුරුදු වීමෙන් ඔයාට “අතර” කාලය භුක්ති විඳින්න ඉගෙන ගන්න පුලුවන්. ඒ කිව්වෙ… traffic light, සිල්ලර බඩු වෙළඳසැල්, විදුලි සෝපානය, phone එක දිගටම ring වෙනකොට, ඔයා හිටිය තැන ඉඳන් යන තැනකට වෙනකන් කාලය ඉවසිල්ලෙන් ගත කරන්න පුලුවන්.