ප්‍රවීණයකු විදියට පෙනී ඉන්නෙ කොහොමද ඇත්තටම ? Part 3

සමාජ මාධ්‍ය වලට වටිනාකම දෙන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Caramel

කෙටි instagram stories, facebook live video හා youtube video කියන්නෙ ඔයා මොකක්හරි විෂයයක් ගැන expert කෙනෙක් බව ඔයාගෙ followers ලට පෙන්වන්න හොඳ ක්‍රමයක්.

ඔයාගේ ඔක්කොම දැනුමයි, විශේෂඥභාවය නොමිලේ දෙන්න ඕනෙ නෑ , ඒත් ඔයා මේ video වලින් වැදගත්කමක් තියෙන දෙයක් ගැන කතාකරල ඔයා පෙන්නන්න ඕනෙ ඔයා කරන දේ ගැන ඔයා දන්නවා, ඔයා expert කෙනෙක් කියලා

ඔයාගෙ ප්‍රේක්ෂකයන්ට තියෙන පොදු ප්‍රශ්න වලට ඔයාට පිළිතුරු දෙන්න පුළුවන්, එතකොට ඔයා වටින උපදෙස් ලබා දෙනව වගේම ඔයා expert කෙනෙක් ලෙස ස්ථානගත වෙනවා.

ඔයා expert කෙනෙක් විදිහට ස්ථානගත වෙන්නෙ කොහොමද කියලා බලද්දි, ඔයාගෙ ප්‍රේක්ෂකයින්ගේ පොදු ප්‍රශ්න ගැන හොයා බලන්න ඔයාට ඕනෙ වෙනවා. මේ පොදු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන ඔයාගෙ සමාජ මාධ්‍ය වල expert උපදෙස් ලබා දෙන්න.

ඔයාගෙ සම්මාන, පිරිනැමීම හා අත්දැකීම් ප්‍රසිද්ධ කරන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Caramel

ඔයා කරන දේට ඔයා දක්ෂ වෙච්ච විදිහ,ඔහා ඉන්න ක්ෂේත්‍රයේ expert කෙනෙක් වෙච්ච විදිහ ඔයාගෙ ප්‍රේක්ෂකයන්ට කියන්න,වර්තමානයේ ඔයා ඉන්න විශේෂඥ තත්ත්වයට ඔයාව ගෙනාපු අත්දැකීම් ගැන කියන්න.

තව,ඔයාට හම්බෙලා තියෙන සම්මාන,පිරිනැමීම්,සම්මුඛ සාකච්ඡා
හා පුවත්පත් ලිපි ප්‍රසිද්ධියේ කියන්න අමතක කරන්න එපා.මේ හැමදෙයක්ම ඔයාව expert කෙනෙක් විදිහට ඔයා ඉන්න තත්ත්වය ඉහලනන්වන්න උදව් වෙනවා.

ඔයා හිතනවා ඇති, මට සම්මාන පිරිනැමීම් නැත්නම් මොකද්ද කරන්න ඕනේ කියල? ඔයාට තාම ඒ මොනවත් නැත් නම්,ඒවට අයදුම් කරන්නැත්තේ ඇයි? සමහර විට සම්මාන ප්‍රදානය කරන්නේ ඡන්ද ක්‍රමයකින් වෙන්න පුළුවන් වගේම තවත් සමහර වෙලාවක විනිශ්චය මණ්ඩලයක් ඉන්න පුළුවන්. සමහර විට, මොකක්හරි ආකාරයක ඉදිරිපත් කිරීමක් කරන්න වෙනවා සම්මානයක් සඳහා සලකා බැලිය යුතු වෙන්න. ඔයාගෙ පිටුපස තියෙන ආධාරක පද්ධතියක් එක්ක, ඔයාට පිළිගැනීමකට නම් වෙන්න උත්සාහ කරන්න පුළුවන්.

පොදු උත්සවවලදී කතා කරන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Caramel

පොදු උත්සවයක කථා කරන එක ලෙහෙසි නෑ,කොහොමවුණත්, ප්‍රේක්ෂකයෙකු ඉදිරිපිට වේදිකාවට නැගීම අනිවාර්යෙන් ඔයාව expert කෙනෙක් විදිහට ස්ථානගත කරනව. වේදිකාවේ නැගලා ඉන්න පුද්ගලයා expert කෙනෙක් කියලා කවුරුත් දන්නවා.

මේ වගේ කීර්තිමත් වේදිකා වල කථා කරන එක අනිවාර්යෙන් expert කෙනෙක් විදිහට ස්ථාපිත වෙන්න අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් වෙනවා.

මේ වගේ අවස්ථාවක් ලබා දුන්න හැම වෙලාවෙම, ප්‍රේක්ෂකයන්ට ගොඩක් වටින තොරතුරු ලබාදෙන්න වග බලා ගන්න. ඒ වගේ වැදගත් අවස්ථාවක් නාස්ති නොකරන්න වගබලා ගන්න.