අවධානය අල්ල ගන්න හැඳින්වීම් ලියන්න

ඔයාගේ සිරස්තලය දැකල කෙනෙක් ඇදිල ආවට පස්සේ, අත් අරින්න එපා. ඔයා ඒගොල්ලොන්ව ශීර්ෂපාඨයෙන් ඉස්සරහට ගෙනාවා කියන්නෙ ලොකු ජයග්‍රහණයක් , readers ලා විශාල සංඛ්‍යාවක් කියවන්නේ සිරස්තලය විතරයි.
ඒත්, ඔයා මේ අනතුර පැරැද්දුවා . ඒ හින්දා දැන් ඔයාට කරන්න තියෙන්නේ ඒ අයව content එකත් එක්ක නිරත කරවන එක විතරයි.
ඇත්තටම, ඒක ලේසි නෑ.
ඔයා කරන්න ඕනෙ ප්‍රධානම දේ තමයි ඔයා ලියන දේ වැදගත් ඇයි කියලා ඔයාගේ readers ලට කියන එක: විශාල ලබා ගන්න බැරි විදිහෙ වැදගත්කමක් නෙමේ, ඒ ගොල්ලොන්ට මේ මොහොතේ විශේෂයෙන් වැදගත් වෙන දෙයක් .
ඒක වැදගත් වෙන්න ඕනේ විතරක් නෙමේ, ඒකට ඉක්මන් වෙන්නත් ඕනෙ.
කට්ටිය ඒ අයගේ පළවෙනි blog post එක ලියද්දි කරන පොදු වැරැද්දක් තමයි ඕනෑවට වඩා ශාස්ත්‍රීය වෙන එක නැත්නම් ඕනෑවට වඩා ලිහිල් වෙන එක , ඔයාගේ හැඳින්වීමට ඔයාට ඇත්ත කරුණු ඕනෙ – එහෙම නැත්නම්, මිනිස්සු ඔයාට ඇහුම්කන් දෙන්න ඕනෙ ඇයි? මොනව උනත්, ඔයා බලන ඕනම මාතෘකාවක් ගැන ශාස්ත්‍රීය දේශනයක් කියවන්න ඉන්නේ ගොඩක්ම පොඩි පිරිසක්.
“මේක සමබර කිරීමේ ක්‍රියාවක්. ඒත් ඔයාට මේක කරන්න පුළුවන්. ඔයාගේ ශබ්දය හොයාගෙන ඒක විශ්වාස කරන්න.”
ඔයාගේ අන්තර්ගතය අර්ථවත් කරන්න

Users ලට black hole එකක් වෙලා තියෙන youtube වගේ නෙවේ (විශේෂයෙන්ම රෑට), blog එකක් එක්ක සම්බන්ධ වෙන්න වැඩි උත්සාහයක් ඕනෙ වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ ප්‍රේක්ෂකයින් ඔයාගෙ blog එකට එන්න දීපු උත්සහයට, මහනසියට හරියන දෙයක් ඔයා ආපහු ඒගොල්ලොන්ට දෙන්න ඕනෙ කියන එකයි.
මේක කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි, ඔයාගේ සිරස්තලය දුන්න ඒ පොරොන්දුව ඉටු කරන එක – ඔයා දෙනවා කිව්ව විසඳුම් හා උපදෙස් දෙන්න.
ඉලක්කය වන්නේ ඔයාගේ readers ල මුහුණ දෙන ඕනෑම ගැටලුවකට ඔයා විසඳුම් (හෝ උපදෙස්) දෙන එකයි (උදාහරණයක් විදිහට හොඳ thai ව්‍යංජන හදා ගන්නේ කොහොමද කියලා දන්නේ නැතුව) ඔයා දෙන විසදුම් සරල හා නොසලකා හරින්න බැරි එකක් වෙන්න ඕනෙ.
ඔයාගේ වඩාත්ම කැපවෙච්ච readers ලත් ඒගොල්ලෝන්ගේ තත්වයට ගොඩක්ම අදාළ තොරතුරු ඔයාගේ blog එකේ හොයන්න පටන්ගන්නවා.
මේක කරන්න ඒගොල්ලෝන්ට උදව් වෙන මූලික ක්‍රම දෙකක් තියෙනව: උප ශීර්ෂ හා bullet point.
ඔයාගේ readers ල දැනටමත් දන්න දේ ඔයා දන්නේ නැති නිසා, ඔයාගේ මාතෘකාවෙ පසුබිම් තොරතුරු ඇතුළත් කරන එක ගොඩක් වැදගත් වෙනවා.
ඔයා නිරාකරණය කරන ගැටලුවේ දැනටමත් ගැඹුරින් ඉන්න readers ලට, උප ශීර්ෂ පාවිච්චි කරන ඒකෙන් පසුබිමේ තොරතුරු මගහැරලා අලුත් හා වැදගත් දේ ලබා ගන්න උදව් වෙනවා
Blog post වල ඔයා වෙනත් උප මාතෘකාවකට මාරුවෙන හැම අවස්ථාවකම ඔයාට උප ශීර්ෂ පාවිච්චි කරන්න ඕනෙ වෙනවා – හැම ඡේද කිහිපයක්ම ගොඩක්ම readers ලාට හොඳ වේගයක්.
ඔයාට වළක්ව ගන්න ඕනෙ උප ශීර්ෂයන් කිහිපයක් තියෙනව

ඕනෑවට වඩා දක්ෂ උප ශීර්ෂ.
උප ශීර්ෂ,ඔයාගෙ readers ලට ඔයාගේ සටහන ඉක්මනට බලලා ඒගොල්ලෝන්ට ඕන තොරතුරු ඉක්මනින් හොයා ගන්න උදව් වෙනවා. ඒ කියන්නෙ, ඔයා කියන්නේ මොකද්ද කියල කවුරුත් දන්නෙ නැති තරමට බුද්ධිමත් වෙන්න එපා කියන එක.
කම්මැලි උප ශීර්ෂ.
ඔයා උප ශීර්ෂ ලියන එක කුඩා සිරස්තල ලියනවා වගෙ හිතන්න. readers ල එක්ක සම්බන්ද වෙන්න ඔයා එකම මූලධර්ම පාවිච්චි කරන්න.
Spoiler උප ශීර්ෂයන්.
ඔයාගේ උප ශීර්ෂ එක්ක උනත්, ඔයාගේ අතේ ආසියෙක්(ace) තියාගන්න මතක තියාගන්න, මේවා සැලසුම් කරල තියෙන්නෙ ඔයාගේ blog එක හොදට බලල, ඔයාගෙ readers ලට කියවන්න ඕනේ කොටස හොයා ගන්න ඒගොල්ලෝන්ට උදව් කරන්නයි – ඒත් ඒගොල්ලෝ ඒ කොටස කියවන්න කාලය ගන්න බවට වග බලා ගන්න.