logo-slid

Blog එකක් පටන් අරන් earn කරන්න කැමති කවුද ? Part 3

දැන්, content (අන්තර්ගතය) හදා ගන්න කාලයයි!

https://gotagogama.digital/
Edited in Prisma app with Tears

ඔයාගේ blog එක මොකක් උනත් (එය පවුලට විතරක් සම්බන්ධ කාරණයක් නෙවේ නම්), ඒ වගේ blog දැනටමත් ඕනතරම් තියෙනවා.ඒවයේ ඔයාගේ කටහඩ හරි තීක්ෂන බුද්ධිය තිබ්බේ නැතත්, ඒව ගොඩක් වේලාවට සමාන මාතෘකා එක්ක කටයුතු කරනව වගේම, සමාන ප්‍රේක්ෂකයින් ඉලක්ක කරනව වෙන්නත් පුළුවන්.

මේක සැලකිල්ලට අරගෙන, ඔයාගේ readers ලාගේ අවධානය දිනා ගන්න අද්විතීය, බලවත් content එකක් නිර්මාණය කරන්න ඕනෙ, එතකොට ඒගොල්ලෝ ආයෙ ආයෙ එනවා.

කැපී පේන ක්‍රම කිහිපයක් මෙන්න:

clicks වැඩිකරගන්න බලවත් සිරස්තල හදන්න

https://gotagogama.digital/
Edited in Prisma app with Tears

ඒවා කියවන එක දිගටම කරගෙන යන්න, අවධානය දිනා ගැනීමේ හැඳින්වීම් පාවිච්චි කරන්න
ඔයාගේ readers ල ආයෙ අයේ ඇද ගන්න අර්ථවත් උපදෙස් බෙදා ගන්න
ලේසියෙන් පේන්න උප ශීර්ෂ සහ bullet point ඇතුළත් කරන්න.

නරක සිරස්තල

ඔයාගේ blog පෝස්ට් සිරස්තල බලවත් නැත්නම්, readers ල ඇදගන්නෙ නැත්නම් ඔයාගෙ ඉතුරු අන්තර්ගතය කොච්චර හොඳයිද කියලා තේරුම් ගන්නතරම් දුරක් කවුරුවත් කියවන්නේ නෑ. ඔයාගේ සිරස්තලය තමයි ඔයාට තියෙන එකම අවස්ථාව පාඨකයාව ඔයාගෙ post එකට ඇදලා අරන් අදහස් හුවමාරු කරන්න.

හොඳම සිරස්තල ඔයාගේ readers ලට ඒ මොහොතේ විසඳන්න උත්සාහ කරන ගැටලුවට පිළිතුරු සපයනව කියල පොරොන්දු වෙනව. ‘How to (කොහොමද)” යන ලිපි මෙච්චර ඵලදායී වෙන්න මේක එක හේතුවක්.

ඔයාගේ ඊළඟ සිරස්තලයට(හා blog පෝස්ට් එක ) විෂය මොකක් වෙන්න ඕනෙද කියලා ඔයාට විශ්වාස නැත්නම්, ඔයාගේ ඉලක්ක වෙළඳපල එක්ක ගොඩක්ම ශබ්ද නගන්නේ මොනවගේ අන්තර්ගතයද කියන එක තීරණය කරන්න වෙනස් ක්‍රම කිහිපයක් තියෙනව:

https://gotagogama.digital/
Edited in Prisma app with Tears

ඔයාගේ post වල (සහ වෙනත් සමාන blog වල) comments බලන්න. මිනිසුන් කතා කරන්නේ මොකක් ගැනද? ඔවුන් ඉල්ලන්නේ මොකක්ද?
BuzzSumo වැනි අන්තර්ගත තීක්ෂ්ණ බුද්ධිය මෙවලම් වලින් ප්‍රයෝජන ගන්න. මේවගෙන් ඔයාගෙ වෙළඳපොලේ වඩාත්ම ජනප්‍රිය post ඔයාට පෙන්නනව.
ඔයාගේ subscribers ල ගෙන් අහන්න. ඔයාගේ blog එකටයි වෙළඳ නාමයටයි ගොඩක්ම පක්ෂපාතී අය ගොඩක්වෙලාවට අන්තර්ගතය ගැන ඒ අයගේ අවශ්‍යතා සහ ආශාවන් බෙදා ගන්න කැමැත්තෙන් ඉන්නවා.
ඔයාට ඔයාගේ මාතෘකාව හම්බුනාට පස්සේ, ඔයාට නියම සිරස්තලයක් හදාගන්න එකට අවධානය දෙන්න පුළුවන් . හොදම සිරස්තලයක් හැදෙන්නේ ක්‍රියාකාරී, ගතික ක්‍රියා පද පාවිච්චි කරාමයි. පොදුවේ ගත්තම, නාම පදවලින් සිරස්තලයක බර වැඩි කරනවා වගේම ක්‍රියා පද ඒක ඉස්සරහට ගෙනියනව.

ඔයාගේ readers ල සම්පුර්ණයෙන්ම තෘප්තිමත්,සතුටු නොකර විහිළු කරන්නත් ඔයාට ඕනෙ වෙනව – ඒක post එකේ වැඩි කොටසකට තියන්න. ගොඩක් වෙලාවට, සිරස්තල ලියල තියෙන්නේ අනියම් පාඨකයට ඒ අයගේ කුතුහලය නිවා ගන්න මුල් වාක්‍යය වත් කියවන්න ඕනෙ නැති වෙන විදිහට.

මොනවා උනත්, ඔයාගේ readers ලව රැවට්ටන්න එපා. රැවටිලිකාර සිරස්තල එක්ක ඔයාට මුලින් click ගොඩක් එනවා , ඒත් ඔයා ඒකෙන් ඔයාගෙ කීර්තිය සහ වෙළඳ නාමය විනාශ කරනව. ඒ වගේම click baiter” කියන ලේබල් එක,නම ඔයාට වැටෙනවා.