තමන්ගේ සිහිනය යතාර්ථයක් කරගන්න plan එකක් හදමු Part 1

ඔයාගෙම personal development plan එකකට අවධානය දෙන එකෙන් ඔයා තුළ තියෙන ගුණාංග වැඩිවෙනවා වගේම ඔයාගෙ හීන හා අරමුණු ඇත්තක් වෙනවා.ඔයාගෙ කුසලතා අසීමිත වෙනවා වගේම ඔයා personal development වල ආයෝජනය කිරීමෙන් ඔයාට බොහෝ කුසලතා උපයෝගී කරගන්න පුළුවන්..

ඔයාගෙ ඉලක්ක,කෙටි කාලීන හා දිගු කාලීනව ඔයා ඉන්න කැමති තැන් ඇතිකරගන්න එකෙන් හා තියාගන්න එකෙන් ඔයාට ඔයාගෙ පුද්ගල වර්ධනය වැඩි දියුණු කරගන්න පුළුවන්.

Personal development කියන්නෙ මොකක්ද?……

https://gotagogama.digital/
Edited in Prisma app with Femme

Personal development ගැනයි සාර්ථකත්වය ගැනයි ලියපු කියපු හැම දෙයක්ම හොදින් අධ්‍යනය කරාම අපිට තේරෙනවා මේ දෙකේ මුල ඔයාගෙ ආත්ම විශ්වාසය කියන එක.

ආත්ම විශ්වාසය කියන්නෙ ඔයා කරන හැම දේකම තීරණාත්මක සාධකයක් හින්දා,අවශ්‍ය ප්‍රමාණය තිබ්බොත් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්.

මේ article එක personal development වල තේරුම, අර්ථයට වඩා වැඩි දෙයක් කතා කරනවා,ඒ මොනාද සංවර්ධනය හා වැඩිදියුණු වෙන්න අවශ්‍ය කුසලතා.

ගොඩක් අයට හරියට තමන් ඉන්න ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිඵල ලබාගන්න බැරි වෙලා තියෙනව. මොකද,ඕනම ක්ෂේත්‍රයක .ප්‍රවීණයෙක්, විශේෂඥයෙක් වෙන්න personal development ප්‍රගුණ කරන්න ඕනෙ කියලා තේරුම් ගන්න බැරි වෙලා තියෙන හින්දා.

මහන්සි වෙලා වැඩ කරනවට වෙන ආදේශක නෑ.ඔයාට ඉල්ලකයක් තියෙනවනම්, plan එකක් හදලා හැමදාම ඒ ඉලක්කෙට යන්න වැඩ කරනවා නම් ඔයාගෙ වෘතීය ජීවිතයේ පුද්ගලික සංවර්ධනයක් හා ප්‍රගතියක් දකින්න පුළුවන්.

ඔයා හිතේ තියාගෙන ඉන්න සීමා හැරෙන්න වෙන සීමා මොනවත් නෑ.

https://gotagogama.digital/
Edited in Prisma app with Femme

ජීවිතේ හැම වෙලාවෙම මොනවහරි ඉගෙනගන්න කැප වෙන්න,ඔයා ඔයාගෙ වෘතියේ ඉහළම තැනේ හිටියත් ඔයාට ඉගෙනගන්න මොනවහරි තියෙනව.

ඔයා ඉලක්කයක් හා වර්ධනයක් සහිත ජීවිතයක් ගත කරනවානම් ඔයාව නවත්තන්න කාටවත් බැරි වෙනවා.ඔයාගෙ අනාගතයට දොරවල් ඔයා ඉස්සරහම ඇරෙනවා.

Personal development අර්ථ දැක්වීම

https://gotagogama.digital/
Edited in Prisma app with Femme

Personal development කියන්නෙ දැනුවත්වම, පුරුදු හා ක්‍රියාකාරකම් වලින් තමන්ව දියුණු කරන එක.

ජීවිතේ ගුණාත්මක බව වැඩි කරගන්න, කෙනෙක්ගෙ ඉලක්ක හා අභිලාෂයන් කරා යන එක personal development කියන්න පුළුවන්.